(රංජිත් රාජපක්ෂ)
ශ්‍රී පාද වන්දනා සමයේදී එක්රැස් කරන ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රතිචක්‍රීකරණයට මස්කෙළිය ප්‍රාදේශීය සභාව කටයුතු යොදා ඇතැයි ප්‍රාදේශීය සභාවේ නල්ලතන්නිය උප කාර්යාලයේ ස්ථානාධිපති බී. ඩබ්. හේමන්ත මහතා පැවසීය.
එම වතුර බෝතල් කොළඹ පිහිටි පෞද්ගලික ආයතන වෙත ලබාදෙන බවත්, ඉන් දත්බුරුසු වැනි භාණ්ඩ නිපදවන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
මේ වසරේ ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වී මාසයක් වැනි කෙටි කාලයක් තුළ ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මස්කෙළිය ප්‍රාදේශීය සභාව මගින් එක්රැස් කර ඇති බවද හේමන්ත මහතා කීය.
වන්දනාගරුවන්ට පොලිතින් උර භාවිතයෙන් වැළකී සිටින්නැයි දන්වා තිබූ බවත්, නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩමළුව දක්වා වන්දනාකරුවන් ගමන්ගන්නා මාර්ගයේ සවි කර ඇති කසළ බඳුන්වලට බැහැර කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. වන්දනාකරුවන් සේම නල්ලතන්නියේ සංචාරක හෝටල්වලින් සහ ආපනශාලාවලින් බැහැර කරන වතුර බෝතල් ද මේ වෙනුවෙන් යොදාගන්නා බවත් හෙතෙම කීය.
නල්ලතන්නිය නගරයට සහ ශ්‍රී පාද මාර්ගයේ පිරිසිදු පානීය ජල යෝජනා ක්‍රමයක් ස්ථාපනය කරන්නේ නම් ශ්‍රී පාද පුද බිමේ ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය අවම කළ හැකි බව හේමන්ත මහතා සඳහන් කළේය.







2025 දෙසැම්බර් මස 18
662
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීපාද වන්දනා සමයේ රැස්වන ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණයට