IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙළඳසැලට කඩාවැදුණු වන අලියා පලතුරු කා පලා යයි

(නිමල් ජයරත්න)
 
පොළොන්නරුව - දිඹුලාගල ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය දලුකාන ප්‍රදේශයේ පලතුරු වෙළඳසැලකට අද(29) අලුයම කඩාවැදුණු වන අලියකු එහි තිබූ පලතුරු කා වෙළඳසැලට හානිකර පලාගොස් ඇත.

හානි වූ පලතුරුවල වටිනාකම රුපියල් 30,000ක බව එහි හිමිකාරිය පැවසුවාය.

මේවනවිට අවස්ථා 10කදී පමණ වනඅලි පැමිණ තම වෙළඳසැලට හානි කර ඇති බවත් මේ පිළිබදව මනම්පිටිය වනජීවී කාර්යාලයට තමා පැමිණිලි කර ඇති බවත් එහි හිමිකාරිනිය වන ජේ.එම්. මානෙල් කුමාරි මහත්මිය පැවසුවාය.

මෙම වනඅලියා මනම්පිටය කුඩාවැව ප්‍රදේශයේ සැරිසරමින් නිවාස බිඳ බත් සහ පලතුරු කෑමට හුරුව සිටින බවද ඇය කීවාය.
 
යම් මිනිස් ඝාතනයක් සිදුවීමට පෙර මෙම වනඅලියා ප්‍රදේශයෙන් පලවා හැරීමට කටයුතු කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය
 
මනම්පිටිය වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ මෙම අලියා දලුකාන යුද හමුදා කඳවුරෙන් බැහැර කරන බත් සහ පලතුරු කෑමට හුරුවී සිටින බවය.
 
වෙළඳසැලට හානි වීම සම්බන්ධයෙන් මානෙල් මහත්මිය තම කාර්යාලයට පැමිණිලි කර ඇතැයිද එම වන අලියා ප්‍රදේශයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවද මනම්පිටිය වන සත්ව අඩවි ආරක්ෂක පී.ඩී. සුනිල් ශාන්ත මහතා පැවසීය.



අදහස් (0)

වෙළඳසැලට කඩාවැදුණු වන අලියා පලතුරු කා පලා යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site