IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වාහනවල ගැටී අලි දෙදෙනෙක් මරුට - රියදුරෙක් අත්අඩංගුවට

(ඩබ්. ඒ. පියතිලක)
 
හබරණ - ත්‍රිකුණාමල මාර්ගයේ  ස්ථාන දෙකකදී  රථවාහනවල ගැටී වනඅලි දෙදෙනෙකු අද(16) මියගොස් ඇති බව  කවුඩුල්ල ජාතික උද්‍යානයේ භාරකරු ප්‍රදිප් කුමාර හෙට්ටිආරච්චි මහතා කියයි.   
 
අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු  තුනක පමණ අලි පැටියෙකු සහ අවුරුදු 25 පමණ වන අලියෙකි.
 
හබරණ ත්‍රිකුණාමල මාර්ගයේ තලපත්කන්ද ප්‍රදේශයේ මාර්ගයේ ගමන් ගත්  ලොරි රථයක් අලි පැටවා මරණයට පත්කරමින් අනතුර සිදුකර පලා ගොස් තිබේ. 
 
එම මාර්ගයේම 134 -135 සැතපුම් කණු දෙක අතර ද ත්‍රිකුණාමලේ සිට  හබරණ දෙසට ගමන් ගත් සිමෙන්ති  පටවාගෙන රැගෙන යමින් තිබූ  විශාල ප්‍රමාණයේ ලොරි රථයක ගැටී අනෙක් අලියා මිය ගොස් ඇත.
 
නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් වන අලි මරණට පත් වූ බව  ප්‍රදීප් මහතා පවසයි.
 
හබරණ පොලිසිය සිමෙන්ති ලොරි රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.  
 
අත්අඩංගුවට ගත් ලොරි රථයේ  රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

වාහනවල ගැටී අලි දෙදෙනෙක් මරුට - රියදුරෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 580 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site