IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


වස විස නැති පොළ හෙට සිට දින තුනක්

(විනීතා එම් ගමගේ)
          
ශ්‍රී ලංකා ජාතික  මහ සභාව, ශ්‍රී ලංකාවේ කාන්තාවනගේ සංවර්ධන සේවා සමුපකාර සමිතිය හා එක්ව සංවිධානය කරන වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය හෙට (30) සිට අප්‍රේල් 1 වැනි දා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ඡාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී පැවැත්වේ.

වස විස නැති ගොවිතැනෙහි නිරත ගොවියන්ගේ ගොවි උපදේශකයන්ගේ පාරිභෝගිකයන්ගේ සහ තිරසර කෘෂිකර්මයට සහ සංවර්ධනයට සම්බන්ධ ක‍්‍රියාකාරින්ගේ ක‍්‍රියාකාරකම් දිරිගැන්වීම තුළින් නැවතත් ජාතික මට්ටමේ පරිසර හිතකාමි කෘෂි බලවේගයක් සහ නිරෝගීමත් මිනිස් ප‍්‍රජාවක්  නිර්මාණය කිරීමේ අරමුණින් මෙම ප‍්‍රදර්ශනය සංවිධානය කළ බව ශ්‍රී ලංකා මහ සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැති මාධ්‍ය හමුවක දී පැවැසුහ. 

මේ සඳහා ලියාපදිංචි වූ ගොවින් 2000ක් පමණ සිටින බවත් ඔවුන්ගේ උත්සාහය ඉදිරියට ගෙන යාම සඳහා මෙම ප‍්‍රදර්ශනය සංවිධානය කළ බවත් පැවසූ උන්වහන්සේ වස විස නැති ගොවිතැන පුළුල් කරගත නොහැකි වූයේ ආණ්ඩුව ගෙදරටම ගෙන ගොස් රසායනික පොහොර දෙන්නට පටන් ගත් තැන සිට යැයි ද කීහ. 

මෙවර ප‍්‍රදර්ශනයේ දී කුටි 200  කට ආසන්න ප‍්‍රමාණයක් ඇති බවත් වස විස කිසිත් භාවිතා නොකර කාබනික ක‍්‍රම මත නිෂ්පාදනය කරනු ලබන සහල් එළවළු හා පළතුරු, අනෙකුත් ධාන්‍ය වර්ග, කැවිලි වර්ග, කුළු බඩු වර්ග, මීපැණි, කිතුල් පැණි, හකුරු, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කොස් දෙල් ආශ්‍රිත නිෂ්පාදන පිසූ ආහාර, ඔසු පැන්, දේශීය ඖෂධ, රූපලාවන්‍ය ද්‍රව්‍ය, බීජ හා විවිධ පැල වර්ග, කාබනික පොහොර හා තවත් නිෂ්පාදන රැසක් ඇති බවත් රතන හිමියෝ  පැවැසූහ. 

එමෙන්ම අත්කම්භාණ්ඩ, සැරසිලි, ගෙදර දොර උපකරණ, කොහු නිෂ්පාදන, පාවහන් සහ බෑග්, ගොවි උපකරණ, නව නිපැයුම්, රැසක් එහි ඇති බවත් විද්වත් කතිකාවන්, වෛද්‍ය සායන, උපදේශන වැඩමුළු, ආදර්ශ ගෙවතු, පොත් ප‍්‍රදර්ශන, බහුමාධ්‍ය දැනුවත් කිරීම් හා දෙස් විදෙස් සංස්කෘතික අංග රැසක් ද ඊට අඩංගු වනු ඇතැයි කී රතන හිමියෝ වස විස නැති නිෂ්පාදන කරන්නන් හා පාරිභොගිකයන් එක් කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ යැයි ද පැවසූහ. 
 



අදහස් (0)

වස විස නැති පොළ හෙට සිට දින තුනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 566 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site