තුසිත කුමාර ද සිල්වා
මාස 10ක පමණ කාලයක් වීසා නොමැතිව මෙරට විවිධ ප්‍රදේශවල රැඳී සිටි 45 හැවිරිදි සිංහල භාෂාව කතා කළ හැකි විදෙස් ජාතිකයකු අද (13) අලුත්ගම දී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය සඳහන් කරයි.
මෙම විදේශිකයාගේ විදෙස් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී ඉන්දියාව මාලදිවයින නේපාලය වැනි රටවල බහුලව සැරිසැරූ අයෙකු බව අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.
ස්ථිර ස්ථානයක රැඳී සිටින්නකු නොවන බවත් අලුත්ගම ඩිපෝ හන්දි ආසන්නයේ වෙළඳසැළකට ගොස් එම සේවකයන් සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් සැකකාර විදේශිකයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර විදේශිකයා මෙරට තැන තැන ඇවිද යාමෙන් සුළු සුළු රැකියාවන් කර දිවි ගෙවන්නකු බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. සැකකාර රුසියානු විදේශිකයා අද(13) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
568
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
496
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වීසා නොමැතිව සිටි විදේශිකයෙක් අත්අඩංගුවට