IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වීසා නොමැතිව රැඳීසිටි විදේශිකයා අත්අඩංගුවට

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)

විසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳීසිටිමින් කුලිවැඩ  කරමින් සිටි  නයිජිරියානු  ජාතිකයකු ගාල්ල කොට්ඨාශ දූෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


තිස්දෙහැවිරිදි වියේ පසුවන මෙම විදේශිකයා මාගාල්ල සුධර්මා මාවතේ පිහිටි නිවසක සිටියදි පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.


 මොහු විසා බලපත්‍රයක් නොමැතිව  මාස දෙකකට අධික කාලයක් මෙරට රැඳී සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වි ඇත. මොහු සතුව තිබු මුදල් කැසිනෝ ක්‍රීඩාවේ යෙදී පරාජයට පත් වී ඇති අතර ඒ නිසා මොහුට යලි නයිජීරියාවට යාම සඳහා  ගුවන් ටිකට්පත සාදාගැනිමට නොහැකි වී ඇති බවද පොලිසිය කියයි. ඉන්පසු මොහු මෙරට කුලි වැඩ කිරිමෙන් දිනකට රුපියල් 1500ක මුදලක් ලබාගෙන ඇති බවද පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.


 මොහු දක්ෂ පාපන්දු ක්‍රිඩකයකු බව පවසන පොලිසිය ඉදිරි පරික්ෂණ කටයුතු සදහා  පොලිසියට බාරදි ඇත.



අදහස් (0)

වීසා නොමැතිව රැඳීසිටි විදේශිකයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site