(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

                             

වසා දමා තිබෙන  සම්බාහන මධ්‍යස්ථානයක් තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු  කාන්තාවක් හා  එකම පවුලේ සහෝදරයන්  දෙදෙනෙකු  ඇතුළු සිව් දෙනෙක් අද ( 23 ) මත්ද්‍රව්‍ය හා මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.                

එම සැකකරුවන් අතර ගුවන් හමුදා සේවයෙන් පළා ආ සෙබලෙක් ද වන බව පොලිසිය සඳහන් කරයි .                      

මෙම සැකකරුවන් සමඟ හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 300 , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20,  කේරල ගංජා ග්‍රෑම් 100, ජාවාරමෙන් උපයා ගත් බවට  සැකකරන මුදලින්  රුපියල් 15,000, ජංගම දුරකථන 2  හා  විද්‍යුත් තරාදියක්   පොලිසියේ බාරයට ගෙන ඇත .