ප්‍රියානි මංගලිකා
නිකවැරටිය, ඇලවක , බලල්ල ප්‍රධාන මාර්ගයේ ,වාසිවැව සහ දාවුල්ලෑගොඩ යන ප්‍රදේශ වලින් කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙක් වාර්ථා වීමෙන් වසා දැමුණු එම මාර්ගය අද (2) යලි ගමනාගමනයට විවෘත කල බව පොලීසිය පවසයි.
වැලිසර නාවික කඳවුරෙන් නිවාඩු පැමිණි දිවුල්ලෑගොඩ නාවික භටයාට සහ වාසිවැව නාවික භටයෙකුගේ බිරිඳකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් පසුව ආසාදිතයින් ඇසුරු කල පිරිස් හඳුනා ගැනිම සඳහා මෙලෙස මෙම මාර්ගය හුදකලා කල බවද පොලීසිය පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.