(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ)
වැසි සහිත කාලගුණ තතත්වයන් හේතුවෙන් ගෙවුණු දින කිහිපය තුළ රත්නපුර, ඇලපාත සහ බළන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනේ නිවාස 246කට සහ ව්‍යාපාරික ස්ථාන 10කට අර්ධහානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (02) පැවසීය.
මේ හේතුවෙන් පුද්ගලයන් 950 කට පමණ බලපෑම් ඇතිවී තිබෙන බව ද සඳහන් කරයි. වැඩිම හානියක් සිදුව ඇත්තේ රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ය. එහි නිවාස 216කට සහ ව්‍යාපාරික ස්ථාන 10 කට අර්ධහානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර ඊයේ ( 01) සවස දැඩි සුළං හේතුවෙන් බළන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් අටක නිවාස 16කට අර්ධහානි සිදුව ඇති බව බළන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන නිලධාරී උපුල් ශාන්ත අරුණසිරි මහතා පැවසුවේය.
කුමාරගම වසමේ නිවාස පහකට, ඇල්ලෙපොල වසමේ නිවාස තුනකට, ජාතුංකන්ද සහ විජනත්කුඹුරු වසම්වල නිවාස දෙක බැගින් හා තවත් වසම් කිහිපයක එක් නිවස බැගින් මෙසේ හානියට පත්ව ඇති බවද අරුණසිරි මහතා පැවසුවේය.
අලංකාර පංගුව ප‍්‍රදේශයේ මාර්ගයක් නායයාමේ තොරතුරක් ඇති බව කී ඔහු බළන්ගොඩ රාස්සගල පාරේ ස්ථාන කිහිපයක පස් කඳු කඩාවැටීම් හා ගල් පෙරළීම් කිහිපයක් වාර්තා වන බව ද පැවසුවේය.
මේ අතර බළන්ගොඩ තොටුපළතැන්න වසමේ වැසියන් පැවසුවේ 01දා සවස් වරුවේ ඇතිවූ දරුණු අකුණු හේතුවෙන් නිවාස රැසක විදුලි උපකරණ හානියට ලක්ව ඇති බවයි.
මෙම ආපදා හේතුවෙන් ජීවිතහානි හෝ මරණ කිසිවක් වාර්තා නොවන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වැස්සෙන්-සුළඟෙන් රත්නපුර නිවාස 246 කට හානි