IMG-LOGO

වැස්සෙන් පළාත් 8 ක පුද්ගලයන් 4918 දෙනෙකු පීඩාවට

(තුසිත කුමාර ද සිල්වා) 

පළාත් අටක, දිස්ත්‍රික්ක14කට දින කිහිපයක් තිස්සේ බලපෑ අධික සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් පවුල් 1214ට  අයත් පුද්ගලයන් 4918 දෙනෙකු පීඩාවට පත්ව පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඇතිවූ ගස් කඩා වැටීම් , දැඩි සුළං ඇතුළු ස්වභාවික ආපදා හේතුවෙන් නිවාස 1141 කට හානි වී ඇති අතර, ඉන් නිවාස 17ක් මුළුමනින්ම විනාශ වී තිබේ. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ස්ථාන 71 ක් ද  විනාශ වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මෙම වැසි සහිත අධික  සුළං තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ බස්නාහිර  පළාතට අයත් කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලටය. එහි පවුල් 550 කට අයත් පුද්ගලයන් 2581 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

දින කිහිපයක් මුළුල්ලේ දිවයින අවට මුහුදු ප්‍රදේශ වලට බලපෑ දැඩි සුළං සහ වැසි තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් උතුර ,උතුරුමැද සහ වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්ක වලට සවස් කාලයේ පැයට කිලෝමීටර 50ක් 60ක් දක්වා ක්ෂණිකව සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.

ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මාර්ග කිහිපයක් යටවී ගමනාගමන අවහිරතා ඇති වී ඇති බවත් පහත් බිම් රැසක් ද ජලය යටවී තිබූ බවත් වාර්තා වේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ ද අද  (11) වන විට පැවති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය පහව ගොස් ඇතැයි ද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ  කළුතර ඒකකය සඳහන් කරයි.      



අදහස් (0)

වැස්සෙන් පළාත් 8 ක පුද්ගලයන් 4918 දෙනෙකු පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 326 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 801 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site