(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
වැසි තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ මේ වනවිට පූර්ණ හානි වූ නිවාස 9 ක් සහ අර්ධ හානිවූ නිවාස 66 ක් වාර්තාවී ඇති බව ගාල්ල දිස්ත‍්‍රික් ආපදා සහන සේවා නිලධාරි ඉසුරු ශ‍්‍රීනාත් මහතා පවසයි.
ඉමදුව, හබරාදුව, අම්බලන්ගොඩ, යක්කලමුල්ල සහ බද්දේගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් පූර්ණ හානියට පත් නිවාස වාර්තාවී තිබේ.
ගාල්ල දිස්ත‍්‍රික් ආපදා සහන නිලධාරිවරයා වැඩිදුරටත් පැවසුවේ පස්කඳු නිවාස මතට කඩා වැටීමෙන් මෙම නිවාසවලට හානි සිදුව ඇති බවයි.
මෙම නිවාස වෙනුවෙන් තාක්ෂණික වාර්තා ලැබීමෙන් පසු වන්දි ගෙවීම් කටයුතු සිදුකිරීමට නියමිතය.
ගාල්ල දිස්ත‍්‍රික්කයට තවදුරටත් වැසි වසිමින් පවතී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd