IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


වැස්සෙන් ගම්පහ පවුල් 1170 ක් පීඩාවට

  (තිලකරත්න දිසානායක.)

 දෙදිනක් පුරා ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9 ක පවුල් 1170 කට අයත් සාමාජිකයින් 4824 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා මෙහෙයුම් කාර්යාලය සදහන් කළේය.

  ගම්පහ , අත්තනගල්ල ,  වත්තල ,  දිවුලපිටිය , දොම්පෙ ,  මිනුවන්ගොඩ , බියගම,  මීරිගම සහ කැලණිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් මෙලෙස පීඩාවට පත්ව ඇති අතර නිවාස 23 කට අර්ධ හානි සිදුව තිබේ.

  කැලණි ගගෙහි සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම අද (21) වන විට ගම්පහ දිස්ත්‍රික්කයට ගංවතුරක් ඇතිවිය හැකි මට්ටමකට පත්ව තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා පැවසීය.

  පවතින අයහපත් තත්ත්වය මත කැලණි ගග අවට සහ පහත් බිම් ආශ්‍රිතව වෙසෙන ජනතාව ඉවත් කිරීම පිනිස දැනුවත් කිරීමට පියවර ගනිමින් සිටින බවද සහකාර අධ්‍යක්ෂ වරයා සදහන් කළේය.

   මේ අතර අද දහවල් 12 වනවිට අත්තනගලු ඔයෙහි දුනමලේ ජල මාපකයෙහි ජල මට්ටම     මීටර් 5 දශම 38 ක් දක්වා ඉහළ ගොස් තිබු බවත් ගම්පහ දිස්ත්‍රික්කයට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීම මෙම ජල මට්ටම මීටර් 5 දශම 5 පත්වීමේදී සිදුවිය හැකි බවත් ජල මට්ටම පැහැදිලි කරමින් ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු චින්තක සුරවීර මහතා කීය. 

  අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම් සහ මාර්ගද ඌරුවල් ඔය ආශ්‍රිතව ගම්පහ අවට මාර්ග කිහිපයක්ද ජලයෙන් යටව පැවතීම මත වාහන ගමනා ගමනයට බාධා සිදුව තිබිණි.

  පීඩාවපත් ජනතාවට කඩිනම්න් පහසුකම් සැලසීම පිණිස අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා විසින් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ආපදා කළමනාකරණ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබිණි. 



අදහස් (0)

වැස්සෙන් ගම්පහ පවුල් 1170 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 161 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site