IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


වැස්සෙන් කළුතර 500 ක් පීඩාවට

(තුසිත කුමාර ද සිල්වා) 

පවතින අධික වර්ෂාපතනයත් කළුතර දිස්ත්‍රික්කයේ ජල ගැලීමට ලක්වූ පවුල් 141 පුද්ගලයන් 500ට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී ජයලාල්  මහතා අද (24) පැවසීය.

මෙසේ ජල ගැලීමෙන් පීඩාවට පත්වී ඇත්තේ මතුගම, බුලත්සිංහල,පාලින්දනුවර,වළල්ලාවිට හා බදුරලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් ග්‍රාම නිලධාරී වසම්වල ජීවත්වන ජනතාව බව දිසා ලේකම් පැවසීය.

වර්ෂාව අද (24) දිනයේත් පවතින බවත්, දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රාදේශීය ලේකම්වල පහත්බිම් ඇතුළු අතුරුමාර්ග ජලයෙන් යට වී ඇති අතර එම ප්‍රදේශවලට දැඩි බලපෑමක් නොවන බවත් ප්‍රාදේශීය ලේකම්වරු වාර්තා කර ඇතැයි දිසා ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් සුජිත් කුලසේකර මහතා අද (24) පෙරවරුවේ පැවසුවේ තමන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ජල ගැල්මෙන් බලපෑම් වී ඇති වළල්ලාවිට, බදුරලිය, පාලින්දනුවර, බුලත්සිංහල සහ ගාල්ල දිස්ත්‍රික්කයට මායිම්ව ඇති ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව ඇති ආකාරය සොයා බැලීමට සිටින බවයි.



අදහස් (0)

වැස්සෙන් කළුතර 500 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 600 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 512 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site