(රොමේෂ් මධුෂංඛ)
දැඩි නියං තත්වයකට මුහුණ පෑ උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයට අද (19) අලුයම වන තුරු ධාරාණිපාත වැසි ඇදහැලීමෙන් වවුනියාව හා මන්නාරම ප්‍රධාන මාර්ගය ඇතුලු අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යට විය.
පැවති නියං තත්වය හේතුවෙන් උතුරේ වැසියන් දෙලක්ෂ විසිපන්දහසකට වැඩි ප්‍රමාණයක් පීඩා විඳි අතර ඊයේ සවස සිට අද අලුයම දක්වා ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඉදිරියේදී වර්ෂාව ලැබෙනු ඇති බවට උතුරේ වැසියෝ අපේක්ෂාවෙන් සිටිති.
කෙසේ වෙතත් වව්නියාවට ඇදහැලුනු වර්ෂාවත් සමඟ වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගයේ ගාමිණි මහා විද්‍යාලය ඉදිරිපිට මාර්ගය ඇතුළු අතුරු මාර්ග කිහිපයක්ද සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයටද බාධා සිදු විය.මෙවර මහකන්නයේ ගොවිතැන් කිරීමට බලාපොරෝත්තුවෙන් සිටි ගොවීන්ටද සුභ පෙරනිමිත්තක් වශයෙන්ද උතුරේ ගොවීහු වැඩි දුරටත් පවසති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd