(දිලීප් ජයසේකර)
තිස්සමහාරාම උඩුවිල පුංචි පාලම අසලදී 65 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කළ සිව් දෙනෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (08) මරණ දඩුවම නියම කළේය.
මෙලෙස මරණ දඩුවම නියම වුයේ අක්කර අසූව,මෝල කැපුපතාන,උඩුවිල,තිස්සමහාරාමයේ පදිංචි 43 හැවිරිදි දඩල්ලගේ අමිල තරංග, 41 හැවිරිදි යද්දෙහි ගුරුගේ සුමිත් වසන්ත, 38 හැවිරිදි සුමිත් චින්තක හා 40 හැවිරිදි ගම්හේවගේ සුනිල් නොහොත් පොඩි පුතා නැමති සැකකරුවන් සිව් දෙනාටය.
සැකකරුවන්ගේ පහර කෑමට ලක්ව මියගියේ අක්කර අසූව, උඩුවිල, තිස්සමහාරාම පදිංචිව 65 හැවිරිදි ලන්දගේ ජයසේන නැමති අයෙකි.
සිද්ධය සිදු වූ දිනම සැකකරුවන් දෙදෙනෙකු තිස්සමහාරාම පොලිසිය සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු බෙලිඅත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පැවරූ අතර වසර 18කට පසු එහි තීන්දුව අද (08)දින ප්‍රකාශයට පත් කෙරුණි.
එහිදී ඉදිරිපත් වු සාක්ෂි සැළකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු තාමර තෙන්කෝන් මහතා පස් වන විත්තිකරු සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කල අතර අනෙකුත් සැකකරුවන් සිව් දෙනාට එරෙහිව ඉදිරිපත් වු සාක්ෂි සාධාරණ සැකයෙන් යුතුව ඔප්පුවීම හේතුවෙන් සැකකරුවන් සිව් දෙනාට මරණ දඩුවම නියම කළේය.
2025 දෙසැම්බර් මස 04
14
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වසර 18 කට පසු පුද්ගලයන් සිව් දෙනෙකුට මරණ දඩුවම
Nimal Friday, 08 February 2019 07:54 PM
අවුරුදු 18ක් පොල් ගැවද...