ටෝනි කරුණානායක
කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේදී නිවසේ නිදා සිටි සැමියාව තම අනියම් සැමියා සමඟ එක්ව වයරයකින් ගෙල සිරකර ඝාතනය කළ මරණ කරුගේ බිරිඳ වූ චීවරධාරී කාන්තාවකට සහ ඇයගේ අනියම් සැමියාට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (17) මරණීය දණ්ඩනය නියම කළේය.
40 හැවිරිදි තිදරු පියෙකු වූ කිංස්ලි සිරිමාන්න නැමැති පුද්ගලයාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණකරුගේ බිරිය වූ බෝපේ කංකානමලාගේ ශාන්ති නැමැති 53 හැවිරිදි විත්තිකාරියට සහ ගම්පහ පදිංචි ලියනගේ ලාලිත නැමැති 53 හැවිරදි විත්තිකරුට වසර 18 කට පසු මෙසේ මරණ දඬුවම නියම කෙරුණි.
1999.10.21 වැනිදා විත්තිකරු විත්තිකරුගේ අනු දැනුම ඇතුව කොල්ලකරුවන් පිරිසක් නිවසට ඇතුළු වී ඝාතනය සිදු කළ ආකාරයට ඒත්තු ගැන්වීමට කටයුතු කර තිබේ.
සැමියාගේ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකාරියක් වීමෙන් පසු විත්තිකාරිය මහණ වී ඇති බව අධිකරණයේදී සඳහන් විය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.