( ඩී. කේ. රත්න)
තණමල්විල ඌව කුඩාඔය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක කපා තිබූ වැසිකිළි වළකට වැටීමෙන් අද (18) වන අලියෙකු මියගොස් ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ වයස අවුරුදු පහලොවක පමණ හොඳින් වැඩුණු වන අලියෙකි.
උඩවලව වන රක්ෂිතයේ සිට කෑම සොයා නිවාස වෙත පැමිණි වන අලියෙකු මෙසේ මරණයට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
තණමල්විල පොලීස් නිලධාරීහු සහ වනජීවී නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd