(ඔගස්ටින් ප්‍රනාන්දු)
විශේෂ අවශ්‍යතා සහිත බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව මත පවරා තිබූ නඩුවකට වරදකරු වූ පුද්ගලයකුට හලාවත මහාධිකරණ විනිසුරු වයි.ප්‍රනාන්දු මහත්මිය බරපතල වැඩ සහිතව වසර 40 ක සිර දඬුවමක් අද (1 7) දහවල් නියම කළාය.
ඊට අමතරව සැකකරුට රුපියල් 40,000ක දඩයක් ද නියම කළ අතර දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව බරපතල වැඩ සහිතව තවත් වසරක කාලයක සිර දඬුවමක් ද, මීට අමතරව වන්දියක් වශයෙන් දැරියට ලක්ෂ පහක මුදලක් ගෙවන ලෙසත් නොගෙවන්නේ නම් තවත් වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළාය.
හලාවත මහාධිකරණ බල සීමාවේ දි 2010 වසරේ මැයි මස 7 වන දින හෝ ඊට ආසන්න දිනයක දි සැකකරු මෙම අපරාධය කර තිබු බවට චෝදනා එල්ල වි තිබුණි.
මෙසේ සිර දඬුවම් නියම වූයේ හලාවත ඉරණවිල සමිදුගම පදිංචි වර්ණකුලසුරිය ඇන්ටනි ජානක ප්‍රනාන්දු ( 47 ) නමැති දෙදරු පියෙකුටය.
එම දැරිය සිය නිවසේ නිදාගෙන සිටියදී රහසේ කාමරයට ඇතුළු වී ඇය අපයෝජනය කර පලාගොස් ඇතැයි සාක්කිවලින් අනාවරණය වී ඇත.
රජයේ අධිනීතිඥ අසංක මෙන්ඩිස් මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥ සුජිත් ප්‍රියංකර මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විශේෂ අවශ්‍යතා ඇති දැරියක අපයෝජනය කළ අයට සිර දඬුවම්