රොමේෂ් මධුෂංඛ
වව්නියාව, ඊච්චන්කුලම, තරණිකුලම ප්‍රදේශයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව වව්නියාව ඊච්චන්කුලම පොලීසිය පැවසීය.
මියගිය අයගේ ඥාතීන් විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව ඊච්චන්කුලම් පොලිස් නිලධාරීන් පැමිණ මළ සිරුර ළිඳෙන් ගොඩට ගැනීමට පියවර ගෙන ඇත.
පුතා නිවසේ නොමැතිවීම හේතුවෙන් සොයා බැලීමේදී ඔහුගේ මළ සිරුර ළිඳ තුළ තිබෙනු දුටු මියගිය පුද්ගලයාගේ මව ඒ බව පොලීසියට පවසා ඇත.
මිය ගොස් ඇත්තේ වව්නියාව, තරණිකුලම ප්‍රදේශයේ පදිංචි 40 වියැති සෙල්වම් නමැති පුද්ගලයකි.
මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd