IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වවුනියාව ලංගම සේවකයෝ වැඩ වරති

(සිතුම් චතුරංග)

අත්තනෝමතික ලෙස උසස්වීම් ලබාදී ඇති වවුනියාව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ උසස්විම් අවලංගු කරන ලෙස ඉල්ලා වවුනියාව ඩිපෝ සේවකයෝ, රියදුරුවරු සහ කොන්දොස්තරවරු අද (2) සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයක නිරතවූහ.

දේශපාලන හිතවත්කම් මත නීත්‍යානුකූල ක්‍රියාපටිපාටියකින්  තොරව වවුනියාව ඩිපෝ‍වේ ලංගම සේවකයින් 10 දෙනකුට පමණ ඩිපෝ කළමනාකරු හිතුමතේ උසස්වීම් ලබාදී ඇති බවත් එයින් ජ්‍යෙෂ්ඨ සේවකයින්ට  දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි පවසමින් ඔවුහු මෙලෙස වැඩවර්ජනයේ නිරත වූහ.

වැඩවර්ජනය හේතුවෙන් වවුනියාව ඩිපෝවෙන් ධාවනය වීමට නියමිතව තිබූ බස්රථ සියල්ල ඊයේ දිනයේ ධාවනය නොවූ අතර එම හේතුවෙන් පාසල් සිසුන් හා රැකියා සඳහා පිටත්වයන විශාල පිරිසක් අපහසුතාවටයට පත්වූහ.

දෙවන පාසල් වාරය ඇරඹීමත් සමඟ පාසල් යෑමට සිටි පාසල් සිසුහු විශාල පිරිසක් වැඩවර්ජනය හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටියහ.

ලංගම සේවකයින් පවසා සිටියේ වවුනියාව ඩිපෝ කළමනාකාරවරයා අත්තනෝමතික ලෙස දේශපාලන බලය භාවිතා කරමින් මෙම සේවක උසස්වීම් ඔහුට හිතවත් පිරිසකට පමණක් ලබාදී ඇති බවත් එමගින් සේවාකාලය සපුරා උසස්වීම් ලැබිය යුතු පිරිසට උසස්වීම් මේ වන තෙක් ලැබී නොමැති බවයි.



අදහස් (0)

වවුනියාව ලංගම සේවකයෝ වැඩ වරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site