IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


වව්නියාවේ ලංගම බස් වර්ජනයක්

(වන්නි රොමේෂ් මධුෂංඛ)

වවුනියාව ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවකයින් සිය බස් රථ ධාවනයෙන් ඉවත් වි අද (18) විරෝධතාවයක් ආරම්භ කළහ. දේශපාලනික බලපෑම් මත කෙරෙන ස්ථාන මාරු කිරීම් වහාම නතර කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

වවුනියාව බස් නැවතුම්පොළේ රජකාරී කටයුතු කළ සේවකයින් දේශපාලන බලපෑම් මත මාරුකිරීම් කිරීම්වලට විරුද්ධව විරෝධතාව සංවිධානය කළ බව වවුනියාව ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවකයෝ පැවසූහ.

උතුරු පළාත් ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප‍්‍රාදේශීය කළමනාකරු ලෙස සේවය කරන නිළධාරියාගේ අත්තනෝමතික ක‍්‍රියා කලාපයන්ට මෙන්ම බස් රථ සේවකයින් විවිධ දේශපාලනික බලපෑම් මත ස්ථාන මාරුවීම් සිදු කරන බව සේවකයෝ කියති.

විරෝධතාවය හේතුවෙන් වවුනියාව ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ සියල්ල ධාවනයෙන් ඉවත්කර ඩිපෝව තුළ සහ වව්නියාව බස් නැවතුම්පලේ නවතා තිබිණ.

විරෝධතාවයට ශ‍්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ වවුනියාව ඩිපෝ සේවකයින් සියලු දෙනා එක්ව තිබූ අතර බස් ධාවනය නොවීමෙන් සාමාන්‍ය වැසියෝ අපහසුතාවයන්ට පත්ව සිටියහ.

 



අදහස් (0)

වව්නියාවේ ලංගම බස් වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 592 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 506 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site