IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වව්නියාව නිරෝධායන කඳවුරෙන් තවත්  පිරිසක් පිටව යති


( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව, පම්පමඩුව යුද හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 129 දෙනෙකු අද (13) එම මධ්‍යස්ථානයෙන් පිටත් වූ බවට වන්නි ආරක්ෂක සේනා මූළස්ථානය පවසයි.
 
මෙලෙස නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගොස් ඇත්තේ කොළඹ , අවිස්සාවේල්ල, තණමල්විල ඇතුලු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 129  දෙනෙකු වන අතර ඔවුන් පසුගිය දිනයන්හි එම ප්‍රදේශයන්හි වාර්ථා වූ කොරෝණා ආසාදිතයින් සමග සබඳතා පැවත්වූ පුද්ගලයින් බවටද යුද හමුදාව ප්‍රකාශ කර සිටියේය.
 
 
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වු නිරෝධායනය අවසන් කළ පිරිස් වෙත නිරෝධායන සහතික ලබාදීමේ වැඩසටහනකින් අනතුරුව අදාළ කණ්ඩායම නිවෙස් වෙතට යුද හමුදා බස් රථ මගින් පිටත්කෙරිණ.
 
වැඩසටහන් අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ යුද හමුදා නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (0)

වව්නියාව නිරෝධායන කඳවුරෙන් තවත්  පිරිසක් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site