රොමේෂ් මධුෂංඛ
වව්නියාව පට්ටානිචූර් ප්‍රදේශයේදී යතුරුපැදි අලෙවිසලක් තුළ ඇති වූ ගින්නකින් අලෙවිසැල තුළ තිබූ යතුරුපැදි 21 කට ගිනි ගෙන තිබීම හේතුවෙන් දැඩි ලෙස අලාභ හානි සිදුව ඇතැයි වවුනියාව පොලීසිය පවසයි.
යතුරුපැදි අලෙවිසැලේ හිමිකරු අද (25) උදෑසන අලෙවිසැල විවෘත කර බැලීමේදී යතුරුපැදිවලට ගිනිගෙන තිබෙනු දැක ඇති අතර පසුව එම අවස්ථාවේදීම වව්නියාව පොලීසියට දැනුම් දී ඇත.
වව්නියාව පොලීසිය විසින් අදාළ ස්ථානයට ගොස් කරන ලද පරික්ෂාවලදී අනාවරණය වී ඇත්තේ ගින්න හේතුවෙන් යතුරුපැදි 21 කට දැඩි හානි සිදුව ඇති බවත් අලෙවිසැලේ විදුලි කාන්දුවකින් ගින්න ඇතිවන්නට හේතු වූ බවට සැක පල වී ඇතැයි ද පරික්ෂණ සිදු කළ වව්නියාව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd