වසන්ත චන්ද්‍රපාල කල්මුනේ සිට
මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේ දී ඝාතනය වු ගනේෂ් දිනේෂ් අලගරත්නම් පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු කල්මුනේ පාන්ඩිරැප්පු පොදු සුසාන භුමියේ දී අද (2) පෙරවරු 11.00 පමණ සිදු කෙරිණි.
පොලිස් දෙපාර්මේන්තුව නියෝජනය කරමින් නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා සහ අම්පාර මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා සහභාගී විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ ශෝක පණිවුඩ කියවිමෙන් පසුව පොලිස් උත්තමාචාර මැද අවසන් කටයුතු කෙරිණි.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.