(සිතුම් චතුරංග)
වවුනියාව ඊරට්ටපෙරියකුලම වැවේ ගිලී 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු අද (15) මියගිය බව ඊරට්ටපෙරියකුලම පොලිසිය කියයි.
පාසල් සිසුන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තෛපොංගල් දිනය සමරමින් සෑදු විශේෂ කිරිබත් සහ විවිධ රසකැවිලි ආහාරයට ගෙන වැවේ ජලයෙන් අත සේදීමට යාමේදී සිසුන් දෙදෙනා වැවට ඇද වැටී මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව උක්කුලාන්කුලම හා කූමන්කුලම පදිංචි කරන්ජෝති රවිහරන් (15) සහ දාස්ප‍්‍රභාත් තිවිශ්ටන් (15) නැමති වවුනියාව විපුලානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකි.
පොලිසිය පැවසූයේ සිසුන් අතරින් මියගිය සිසුන් දෙදෙනකු අතසේදීම සඳහා වැව අසල ගලක් වෙත ගමන් කර ඇති අතර එහිදී ඔවුන් ලිස්සා වැවට වැටී ඇති බවයි.
ඔහු බේරාගැනීමට උත්සහ කළ තවත් සිසුන් දෙදෙනකු වැවට වැටී ඇති අතර පසුව ඔවුන් ප‍්‍රදේශවාසීන්ගේ මැදිහත්වීම මත බේරාගෙන තිබේ.
දියේ ගිලී මියගිය සිසුන් දෙදෙනා සොයා ප‍්‍රදේශවාසීන් හා පොලිසිය පැය දෙකක පමණ කාලයක් කිමිදුම්කරුවන් යොදාගෙන මෙහෙයුමක් සිදුකළ අතර එහිදී මියගිය සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවූ බව පොලිසිය පැවසීය.
ප‍්‍රදේශවාසීන් විසින් බේරාගත් සිසුන් දෙදෙනා ප‍්‍රථමාධාර ප‍්‍රදේශවාසීන් විසින් ලබාදෙනු ලැබීය.
මියගිය සිසුන්ගේ සිරුරු වවුනියාව මහරෝහල වෙත රැගෙන යනු ලැබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd