(සමන් පාලිත නානායක්කාර)
බෙරගල වැල්ලවාය මාර්ගයේ ගමන් ගත් වැලි ලොරියක් අද (11) දින රාත්රී 8.30 ට පමණ පහළ විහාරගල ප්රදේශයේ දී පාරෙන් ඉවතට පැන අඩි 300 ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයක බරපතල තුවාල ලබා රෝහල් ගතකළ බව හපුතලේ පොලිසිය කියයි.
රියදුරු බෙලිහුල්ඔය ප්රදේශයේ පදිංචි අයෙකු බවත් ඔහු පෙරලෙන ලොරියෙන් එළියට විසි වී වැටී බරපතල තත්ත්වයේ සිටියදී සොයා ගත් බවත් පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.