(ජේ.කේ.එල්.චාමින්ද)
ප්‍රදර්ශනය කරමින් වල් ඌරුමස් විකුණමින් සිටි පුද්ගලයකු මාගෙදර එනසල්වත්ත ප්‍රදේශයේදී වල් ඌරුමස් කිලෝ 15ක් සමඟ අද (30) අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
රජයේ අරක්කු බලපත්‍ර නොමැතිව වැඩිමිලට විකුණන ස්ථානයක් වැටලීමට පොලිස් නිලධාරින් ගිය අවස්ථාවේ වල් ඌරුමස් විකුණන බවට ලැබුණු තොරතුරකට අනුව සැකකරු වල් ඌරුමස් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් නිලධාරින් උපාය දුතයකු යොදවා වල් ඌරුමස් කැලි කපා ප්‍රදර්ශනය කරමින් විකුණමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදිවියේ පසුවන මාගෙදර එන්සාල්වත්තේ පදිංචිකරුවෙකි. මොහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව යක්කලමුල්ල පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ප්‍රදර්ශනය හැමදාම තියෙන්නේ කොළඹ මීගමුව ගුවන් තොටුපොල පාර දිගේ.