IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වලස්මුල්ලේ සංදර්ශනයක් අවසානයේ පුද්ගලයන් 20 ක් අත්අඩංගුවට


 
අනීෂා මානගේ                            

            
වලස්මුල්ල නගරයේ පැවැති සංගීත සංදර්ශනයක් පැවති අවස්ථාවේදී හා ඉන්පසුව කාලයේදී සිදුකළ විශේෂ පරික්ෂාවකදී අශෝබන අයුරින් හැසිරුණු, ගංජා සන්තකයේ තබාගත් පුද්ගලයින්, බිමත්ව රියපැදවූ අය හා අනන්‍යතාවය ඔප්පු කළ නොහැකි වූ පුද්ගලයින් විසිදෙනෙකු වලස්මුල්ල පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


වලස්මුල්ල නගරයේ මහජන ක්‍රීඩාංගනයේදී ඊයේ(28) සංගීත සංදර්ශනයක් පැවැති අතර රාත්‍රී 9.00 සිට අද (29) අළුයම 1.30 දක්වා කාලය තුළදී මෙම විශේෂ පරික්ෂාව සිදුකර තිබේ. 


සංදර්ශනය පැවැත්වූ ස්ථානයේ අශෝබන අයුරින් හැසිරුණු පුද්ගලයින් 15 දෙනෙකු හා ගංජා සන්තකයේ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  සංදර්ශනය අවසන් වූ පසුව සිදුකළ පරික්ෂාවේදී බීමත්ව රිය පැදවූ පුද්ගලයකු හා අනන්‍යතාවය ඔප්පු කළ නොහැකි වූ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද (29) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
 



අදහස් (0)

වලස්මුල්ලේ සංදර්ශනයක් අවසානයේ පුද්ගලයන් 20 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site