වලස්මුල්ල මූලික රෝහලේ දෙමහල් මාතෘ හා ළදරු ඒකකය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ සිදු කෙරිණි.
මෙම දෙමහල් ගොඩනැගිල්ල මාතෘ හා ළදරු ඒකකයක්, ප්‍රසව හා නාරිවේද ඒකකයක්, පසු ප්‍රසව හා පෙර ප්‍රසව වාට්ටු සංකීර්ණයක්, ප්‍රසූතිකාගාරයක්, නොමේරු ළදරු ඒකකයකින් සමන්විත වෙයි.
වසර 02 ක් තුළ ඉදිකිරීම් අවසන් කරන අතර, වැය කරන මුදල රුපියල් මිලියන 380 කි.
චීන රජයේ සහන ණය ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක පහසුකම් වැඩිදියුණූ කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙය ඉදි කෙරේ
චීන සමාගමක් විසින් ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න , දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නිළමේ,යන මහත්වරුද, දකුණූ පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්, දකුණූ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී.විඡේසුරිය, වළස්මුල්ල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඇතුලු කාර්ය මණ්ඩලය, ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
(36698)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ බලන්න නම් ගම් හොදින් ලියල තියෙනවද කියල..??