IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වලස්මුල්ල ප්‍රා.ලේ. කාර්යාලයට ගම්වැසියෝ කඩා වදිති

(අනීෂා මානගේ)

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටි ගම්වාසීන් පිරිසක් අද (17) හදිසියේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදුණහ.

ප්‍රාදේශීය ලේකම්වරයා නිසිපරිදි ලිපිගොනු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ජයභූමි සහ ඉඩම් බලපත්‍ර සහිත ඉඩම්වල නිවාස පිහිටි හිමිකරුවන් දෙදෙනකු ඇතුළු බලපත්‍ර සහිත ඉඩම් හිමිකරුවන් 6 දෙනකුගේ ඉඩම් අහිමිවූයේ යැයි කියමින් මෙලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැද තිබේ.

1995 වර්ෂයේදී ජයභූමි ඉඩම් බලපත්‍රය අනුව පර්චස් 20 ක් ප්‍රමාණයක් මෙම එක් නිවාසයක හිමිකරුවකුට හිමිවී ඇති අතර අනෙක් නිවාස හිමියාට ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සහතික කළ බලපත්‍රක් බව හිමිකරුවෝ පවසති.

මෙම නිවෙස් හිමියන් දෙදෙනාට අමතරව බලපත්‍ර හිමි තවත් ඉඩම් හිමියන් සිව් දෙනෙකු සිටී. 1983 වර්ෂයේදී මෙම ඉඩම්වල මුල් හිමිකරු විසින් පවරන ලද නඩුවක අවසාන තීන්දුව ලෙස මුල් හිමිකරුට එම සියළුම ඉඩම්වල හිමිකාරීත්වය ලබා දී ඇති අතර මේ හේතුවෙන් එම ඉඩම්වල පසුව නිවාස ඉදිකරගත් පුද්ගලයන්ගේ නිවෙස් ද අහිමිවන බව ඔවුහු කියති.

නඩුව විභාග වෙමින් තිබියදී එවකට සිටි ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිසිපරිදි ලිපිගොනු ඉදිරිපත් නොකිරීම නිසා ඔවුන්ට මෙලෙස ඉඩම් අහිමි වූ බව ඔවුහු පවසති.

1983 වර්ෂයේදී පවරන ලද නඩුව විභාග වෙමින් තිබියදී මෙම ගම්වාසීන්ට රජයෙන් ජයභූමි සහ බලපත්‍ර ලබා දී ඇතැයි ද ඉඩමේ තීන්දුව ලබාදෙන තුරු මොවුන් ඒ සම්බන්ධයෙන් කිසිවක් දැන සිටියේ නැතැයි ද ඔවුහු කියති. තවද මුල් අයිතිකරුට ඉඩම් හිමිවීම හේතුවෙන් නිවාස අටකට පමණ ගමන් කිරීමට ඇති මාර්ගය අහිමිවී යන බවද ගම්වාසීහු කියති.

මේ හේතුවෙන් වලස්මුල්ල පහළගොඩ මහායාය ප්‍රදේශයේ ගම්වාසීහු සියයකට අධික පිරිසක් අද (17) වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ නිරත වූහ.

විරෝධතා පුවරු අතැතිව විරෝධතා පාඨ කියමින් සිය විරෝධතාව දැක්වූ විරෝධතාකාරුවෝ සුළු වේලාවකට පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසා තිබූ ගේට්ටුව තල්ලුකර බලහත්කාරයෙන් එම භූමියට ඇතුළු වූහ.

විරෝධතාකරුවන් පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළට ඇතුළු වූ අතර අහිමි වූ නිවෙස්වල අයිතිකරුවන් සිවුදෙනකුට ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට එහිදී අවස්ථාව හිමි විය.

මොවුන් ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡා කරන තෙක් අනෙක් විරෝධතාකරුවෝ පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ බිම වාඩි වී විරෝධතා පුවරු අතැතිව ඔවුන්ට සහය දැක්වූහ.

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් අයි.ආර්.විතාරණ මහතා විරෝධතාකරුවන්ට කරුණු පැහැදිලි කර දුන් අතර අදාළ ඉඩමෙහි මුල් අයිතිකරු සමඟ සාකච්ඡා කර නිවෙස් පිහිටි ඉඩම් වෙනුවට වෙනත් ඉඩම් ලබා දීමට එකඟ කරගන්නා බවට පොරොන්දු විය. ඒ අනුව විරෝධතාකරුවෝ විසිර ගියහ. 

 



අදහස් (0)

වලස්මුල්ල ප්‍රා.ලේ. කාර්යාලයට ගම්වැසියෝ කඩා වදිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site