IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැලිවිටිය ප්‍රා.සභාවේ සභාපති සහ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක

(දීපාල් ද සිල්වා)

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (28) පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වෙන අතරතුර  වැලිවිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක නිරතවූහ.

මන්ත්‍රීවරුන්ට සම්බන්ධීකරණ රැස්වීමට සභාගිවීමට ආරාධනා නොලැබීම නිසා මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.

එහිදී සම සභාපති ජයන්ත ජයවීර මහතා පැවසුවේ සියලුම මන්ත්‍රීවරු සම්බන්ධි කරණ රැස්වීමේ අසුන් ගන්නා ලෙසටයි. එහිදී ප්‍රාදේශීය සභාවේ සභාපති ගුණසිරි ලොකුගේ මහතා පැවැසුවේ ජනතා ගැටළු දන්න පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට සම්බන්ධීකරණ රැස්වීම නියොජනය කරන්න තිබෙන අවස්ථාව ලබාගැනීම තම අරමුණ බවයි.

ලිපි මගින් දැනුම්දිය නොහැකිමුත් තමා මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව සම සභාපති ජයන්ත ජයවීර මහතා එහිදී පැවැසීය. ඒ අනුව පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් 9දෙනා , ජ.වි.පෙ මන්ත්‍රීවරයාද විරෝධතාවය නවත්වා රැස්වීමට සහභාගි වූහ.

 



අදහස් (0)

වැලිවිටිය ප්‍රා.සභාවේ සභාපති සහ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 72 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 872 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site