ඩී.කේ.රත්න
වැල්ලවාය මල්වත්තාවල කැහැළිය ප‍්‍රධාන මාර්ගයේ නවය කණුව ප‍්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (15) එක් පුද්ගලයකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කළ බව වැල්ලවාය පොලීසිය පවසයි.
බුත්තල පැල්වත්ත සීනි සමාගම ජනාවාස පහ ලිපිනයේ පදිංචි කේ.ඩී.කුමාරසිංහ නැමති 37 හැවිරිදි පුද්ගලයකු මෙම අනතුරින් මියගොස් තිබේ.
එක් යතුරුපැදියක තිදෙනෙකු හා අනෙක් යතුරු පැදියේ දෙදෙනෙකු වශයෙන් යතුරුපැදි දෙකෙහි පුද්ගලයින් පස් දෙනෙකු ගමන් කර ඇති අතර එම අවස්ථාවේදී මෙම යතුරුපැදි දෙක මුහුණට මුහුණලා ගැටී ඇතයි වැල්ලවාය පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd