ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
වාලම්පුරියක් තම සන්තකයේ තබාගෙන සිටි යාගහෝම කරන ලබන කට්ටඩියකු අද (09) සවස වලහන්දූවේදී සැකපිට අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලීසිය කියයි.
පොලිසියට ලද තොරතුරක් මත 55 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පවසන්නේ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙලිවී ඇත්තේ මෙම වාලම්පුරිය කොළඹ ප්‍රදේශයේ සිටින තම මිතුරකුගෙන් තමන්ට ලැබුනු බවයි.
සැකකරු සමග අත් අඩංගුවට ගත් වාලම්පුරිය හෙට (10) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හබරාදුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙලිකටුවක් තහනම් භාණ්ඩයක් වෙන්නේ කොහොමද? කරුණාකර දන්නා කෙනෙක් කියාදෙන්න.