(ඩී. කේ. රත්න )
වැලිමඩ ඩයරබා වතුයායේ ග‍්‍රීන්හිල් කොටසේ තේ වගාවක තිබී මිලිමීටර් නවය වර්ගයේ ගිනිඅවි දෙකක් අද (3) දහවල් සොයාගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.
ඩයරබා වතුයායේ ග‍්‍රීන්හිල් කොටසේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවක් මෙම ගිනිඅවි දැක ඒ පිළිබදව වතු අධිකාරිවරයාට දඅනුම්දීමෙන් පසු ඩයරබා වතුයායේ වතු අධිකාරිවරයා විසින් වැලිමඩ පොලීසියට දැනුම්දී ඇත.
වැලිමඩ පුහුල්පොල සිට දික්කාපිටිය හරහා ඩයරබා ප‍්‍රධාන මාර්ගයේ ඩයරබා වතුයායේ ග‍්‍රීන්හිල් කොටසේ ප‍්‍රධාන මාර්ගයට මීටර් පහක් පමණ දුරින් පොලිතීන් බෑගයක දමා තිබූ මෙම ගිනිඅවි දෙක වැලිමඩ පොලීසිය විසින් සොයාගෙන ඇත.
මේ දිනවල ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදුකිරීම නිසා කිසියම් පුද්ගලයකු විසින් මෙම ගිනිඅවි දෙක පොලිතීන් බෑගයක දමා තේ වගාවට දමන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
මේ පිළිබදව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.
බණ්ඩාරවෙල පොලීස් නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වැලිමඩ වතුයායක තිබී ගිනි අවි දෙකක් සොයා ගනී