(බිඟුන් මේනක ගමගේ)
විල්පත්තු ජාතික වන උද්‍යානයේ දකුණු මායිමේ ස්වාරක්ෂිත කලාපයේ අක්කර 1500 ක කෝමාරිකා වගාවක් සඳහා යැයි කියමින් අනවසරයෙන් එළිපෙහෙළි කර සංවර්ධන කටයුතු කර ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති.
ජාතික වන උද්‍යානයේ දකුණු මායිමේ රාජාංගණය යාය 18 ප්‍රදේශයේ ඕරා ලංකා නමැති පෞද්ගලික සමාගමක් විසින් මෙම එළි පෙහෙළි කරනු ලැබ ඇතැයි ද ඔවුහු චෝදනා කරති.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතත් වන ජීවී සංරක්ෂණ ආඥා පනතත් උල්ලංඝනය වන අයුරින් මෙම කටයුතු සිදුවන නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊට එරෙහිව නීතිමය පියවර ගෙන නැතැයි ද පරිසරවේදීහු චෝදනා කරති.
අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඕරා ලංකා ආයතනය වෙනුවෙන් අන්තර්ජාලයට නිකුත් කර ඇති වීඩියෝවක අක්කර 1500 ක කෝමාරිකා පැල තවානක් දැමීමට මෙම එළි පෙහෙළිය සිදුවන්නේ යැයි ද ඒ යටතේ මුළු දිවයින පුරාම අක්කර ලක්ෂයක කෝමාරිකා වගාවක් කෙරෙන්නේ යැයි ද සඳහන් වේ.
මෙම කෝමාරිකා ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 370 ක් මුදලක් ආයෝජනය කෙරෙන්නේ යැයි ද කාබනික වගාවක් හැටියට කෙරෙන නිෂ්පාදනය මුළුමනින්ම යුරෝපා වෙළෙඳපොල ඉලක්ක කරගන්නේ යැයි ද එහි සඳහන් වේ.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට අනුව ස්වාභාවික රක්ෂිත ප්‍රදේශයක මායිමෙන් සැතපුමක් දුර ඇතුළත කෙරෙන සංවර්ධන කටයුත්තකදී වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිත අවසරයක් ගත යුතු වුවද මෙම ව්‍යාපෘතිය සඳහා එවැනි අවසරයක් ගෙන නැතැයි එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
මේ ගැන රාජාංගණය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසීමට උත්සාහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක් වූ අතර එම කාර්යාලයේ දුරකථන අංක පහෙන් තුනක්ම භාවිතයේ නැති බවට ප්‍රතිචාර දැක්විණි.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විල්පත්තු මායිමේ තවත් අක්කර 1500ක ව්‍යාපෘතියක්
Pradeep Wednesday, 26 February 2020 01:56 PM
මෙම පත්‍රයේම පුවතක පළවුනා පළාත් කීපයක උෂ්ණත්වය හෙට දිනයේ වැඩිවෙන බවක්. සමහර පැති වලට පානිය ජලය නෑ. එහෙම වාතාවරණයක් රටේ තිබියදීත් අපි තව තවත් වනාන්තර එලි පෙහෙළි කරමු...