IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වල්කපන පිහියකින් පුද්ගලයෙකු ඝාතනය කරලා

(පාලිත ආරියවංශ)

 
මහියංගණය   කෙසෙල්පොතය යාය දොළහ ගොවි ජනපදයේදී  පුරුෂයෙකු  වල් කපන පිහියකින් කපා ඝාතනය කළැයි සැකපිට  39  හැවිරිදි අනියම් බිරිඳ  අද (10) දා අලුයම මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඝාතනයට ලක්ව ඇත්තේ මහියංගණඉඹුල්ඔබ්බේ හේරත් මුදියන්සේලාගේ හේරත් බණ්ඩා නමැති 61 හැවිරිදි ගොවිමහතෙකි.
 
එම තැනැත්තා විවාහක කාන්තාව අතහැර  සැකකාර කාන්තාව සමග අනියම් සබඳතාවක් පවත්වා ඇති බවත් ඇයද එක් දරු මවක් බවත් පොලිසිය පැවසීය.එසේ සිටියදී  එම සම්බන්ධතාවත්  නතර කර එම ගම්මානයේම පදිංචි තවත් කාන්තාවක් සමග අනියම් සබදතාවයක් පවත්වාඇති බවත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
 
දෙවැනි අනියම් සබදතාවය නතර කර යළි පැරැණි අනියම් බිරිද (සැකකාරිය)සොයා  ඊයේ (9) දා රාත්‍රී 11.00 ට පමණ  පැමිණි අවස්ථාවේ,  රාත්‍රී ඇතිවූ බහින්බස් වීමකින් පසු  ඇය විසින් මෙම අපරාධය සිදුකර ඇතැයි  විමර්ශනවලදී අනාවරණය වූ බවත්  පොලිසිය සඳහන්කළේය.



අදහස් (0)

වල්කපන පිහියකින් පුද්ගලයෙකු ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site