(ක.ග කරුණාරත්න)
පොළොන්නරුව, වැලිකන්ද, නාමල්ගම ප්‍රදේශයේ පාසලක් පිටුපස පිහිටි ඉඩමක වලදමා තිබූ පුද්ගල නාශක බෝම්බ දෙකක් අද (06 ) සොයා ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
එම ස්ථානය යුද හමුදාව විසින් යුද සමයේ පවත්වාගෙන ගිය මුරපොළක් බව පොලිසිය සඳහන් කළේය.
විදේශ රටක නිෂ්පාදනය කරන ලද මෙම බෝම්බ හමුවී ඇත්තේ එම ඉඩමේ තිබූ කොළ රොඩු ගොඩක් ගිනි තැබීමෙන් පසුව බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු එම බෝම්බ නිෂ්ක්‍රීය කර පුපුරුවා හැරීමට කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd