IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැලිකන්ද කෙත්වතුවලට වන අලි තර්ජන

(නිමල් ජයරත්න)                                           

වැලිකන්ද රුවන්පිටිය මැණික්දෙනිය ඇතුළු අවට කෙත්වතුවලට කඩා වැදුණු වල් අලි රංචුවක් අද(04) අලුයම තම පැල ගොයම පාගා විනාශ කර ඇති බව ප්‍රදේශයේ ගොවීහු පවසති.                                           

වැලිකන්ද ප්‍රදේශයේ රක්ෂිත සහ වැව්වල බැස සිටින වල් අලි රංචු මාදුරුඔය සහ සෝමවතිය යන ජාතික වනෝද්‍යානවලින් ගම් වැදුණු අලි බව ද ඔවුන්ව ඉදිරි දිනවලදී ඉවත් නොකළහොත් සිය භෝග වගාවන් සම්පූර්ණයෙන් විනාශවනු ඇති බවද ඔවුහු පවසති.                                                   
මැණික්දෙනිය සහ රුවන්පිටිය යන ගම්මානවල ගොවීහු මෙසේ පැවසූහ.                  

“කුඹුරුවල වී වගාව අලින්ගෙන් රැක ගන්න ගියොත් අලි ගෙවතුවලට පැනලා කෙසෙල්, පොල්, අඹ වගාවන් විනාශ කරනවා. ඒවා රැකගන්න ගෙදර හිටියොත් කුඹුරු වලට පැනලා ඒවා විනාශ කරනවා. අවුරුදු 30ක් අපි ත්‍රස්තවාදීන්ගෙන් බැට කෑවා. දැන් වන අලින්ගෙන් දුක් විඳිනවා. මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුම් දෙන්න බලධාරීන් අපොහොසත් ඇයි? ”                    

වැලිකන්ද පොළොන්නරුව වනජීවී නිලධාරීන් පවසන්නේ අලින්ගේ වාසභූමි මහා පරිමාණයෙන් මිනිසුන් විනාශ කිරීම අලි ගම් වැදීමට ප්‍රධාන හේතුව බවයි.                                                                 

 ගම්වදින අලි පන්නා දැමීමට පවත්නා සම්පත් ඇසුරින් හැකි උපරිම උත්සාහ දරන බවත්, පුද්ගල මරණවලට හේතුවන අලි සිටී නම් උන් අල්ලා හොරොව්පොතාන අලි සුරැකුම් මධ්‍යස්ථානයට රැගෙන යෑමට පියවර ගන්නා බවත් ඔවුහු පවසති.                    

වන අලි තර්ජනයට මහවැලි බී කලාපයේ සෑම ගම්මානයක්ම මුහුණ දෙමින් සිටින බව ද ඉහළ නිලධාරීනගේ අවධානය මේ කෙරේ යොමුවිය යුතු බවද ඔවුහු පැවසූහ.

 



අදහස් (0)

වැලිකන්ද කෙත්වතුවලට වන අලි තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site