(රොමේෂ් මධුෂංඛ)
වැලිඔය නිකවැව දකුණ ප්‍රදේශයේ පිහිටි පුල්ලෙයාර් කෝවිලේ තිබූ පුල්ලෙයාර් දේව පිළිමය අතුරුදන් වී ඇති බව අද (28) වැලිඔය පොලීසිය පවසයි.
මෙම පිළිමය ඉන්දියාවේ සිට මීට වසර ගණනාවකට පෙර රැගෙන ආ බවත්, එය ඉතා වටිනා පිළිමයක් බවත් ප්‍රදේශවාසීහු කියති.
වැලිඔය ප්‍රදේශයේ වැසියන් ගොවිතැන් කිරීමෙන් පසුව සියලුම ගොවියන් විසින් පළමු සහල් වෙන්කරනු ලබන්නේ පුල්ලෙයාර් දෙවියන් වෙනුවෙනි. වී අස්වැන්න නෙළීමෙන් පසු පාරම්පරිකව සියලුම ගොවීන් එක්ව පුල්ලෙයාර් දෙවියන් වෙනුවෙන් කිරිබත් සාදා පූජා කිරීම වසර ගණනාවක සිට පැවත එන්නකි.
කිසියම් පිරිසක් විසින් එය සොරාගෙන යන්නට ඇති බවට තමන් සැක පළ කරන අතරම දේව පිළිමය රැගෙන ගිය පිරිස් වහාම අත්අඩංගුවට ගත යුතු බවද ප්‍රදේශවාසීහු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd