(විනීතා එම් ගමගේ)
දිවයින වටා වෙරළ තීරය රැක බලාගැනීම සඳහා සමෘද්ධිලාභීන් පත් කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන ඇත.
මේ සඳහා වන ගිවිසුමක් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අතර අත්සන් තබා ඇත.
මේ අනුව දිවයින වටා වෙරළ ආශ්‍රීත සියලුම දිස්ත‍්‍රික්කවල සමෘද්ධිලාභින් අතරින් තෝරා ගත් පිරිසක් මේ සඳහා යොදවා ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
දිවයින වටා වෙරළ තීරය රැක බලා ගැනීමේ හා පිරිසිදුව තබා ගැනීමේ අරමුණින් මෙම වැඩපිලිවෙල දියත් කරන බව ද හෙතෙම කියා සිටියේය.
මේ සඳහා තෝරාගනු ලැබු සමෘද්ධිලාභින්ට මාසික දීමනාවක් ගෙවීමට ද නියමිත බැව් පැවසූ එම නිළධාරියා තම ජීවිකා වෘත්තින්හි නියැලෙන අතරම භාරදී ඇති වෙරළ තීරය පිරිසිදුව තබා ගැනීම ඔවුන්ගේ වගකීම වනු ඇතැයි ද පැවසීය.
මෙසේ වෙරළ තීරය පිරිසිදු කිරීම පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් අධික්ෂණය කරනු ඇතැයි පැවසූ එම නිලධාරියා දීමනා ගෙවීම නිර්දේශ කරනු ලබන්නේ එම අධික්ෂණ කටයුතුවලින් පසුව යැයිද කියා සිටියේය.
නියාමන ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක වන මෙම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොතේතු වන බව හෙතෙම එහි දී වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද ක්‍රියාවක්. රටේ සිටින සියලුම සමෘද්ධිලාභීන් මෙවැනි වැඩ සහ ගම්බද තාර නොදැමූ සියලු මාර්ග ප්‍රතිසංස්කරණයට හා කෘෂි කර්මාන්තයට අදාළ සියලුම ඇළ වේලි ප්‍රතිසංස්කරණයට අනිවාර්යයෙන් යෙදවීමට රජය දැඩිව කටයුතු කල යුතුය. රටේ අනෙක් ජනතාව රටට සේවය කර වැටුප් ලබා ගන්නේනම් තවත් කොටසකට පිනට කන්න දීම කිසිසේත් අනුමත කල නොහැක. ග්‍රාම නිලදාරීන් හරහා මොවුන්ව වහාම ඉහත කී කාර්යන් වලට යෙවීමට හා සහභාගී නොවන අයගේ සමෘද්ධිලාභී වරප්‍රසාද අවලංගු කිරීමටත් රජය වහාම ක්‍රියා කල යුතුය
තුන් වෙනි පන්තියේ මිනිහෙක්ම තමා තුන් වෙනි පන්තියේ මිනිහෙක්ට අකුල් හෙලන්නේ, දුකදන් නැත්තෙ, ශාන් හිතනවා එති සමෘද්ධියෙන් ලක්ෂ ගණන් දෙනවා කියල.