IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වරෙන්තු පිට සැඟව සිටි අයෙක් අත්අඩංගුවට

(නිශාන්ත කුමාර)

ප්‍රබල දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු පිට සැඟව සිටි පුද්ගලයකු අද (7) දහවල් බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පිරිසක් විසින්  මීගහකිවුල ප්‍රදේශයේ දී  සැකපිට අත්අඩංගුවට ගත්  කන්දකැටිය පොලිසිය  පවසයි.

මෙම පුද්ගලයා පිටස්තර ප්‍රදේශයකින් පැමිණ මීගහකිවුල ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි වයස අවුරුදු 45 ක පමණ පුද්ගලයකු බවට අනාවරණය වී ඇත.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු මත පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන් හා කන්දකැටිය    පොලිසිය විසින් කාලයක් තිස්සේ සිදු කළ  විමර්ශන කීපයකින් පසුව මොහු  අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තුකරුවකු සිටින අතර තවත් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කරන පුද්ගලයෙක් බව අනාවරණය වෙමින් පවතින බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන් හා කන්දකැටිය පොලිසිය  වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.



අදහස් (0)

වරෙන්තු පිට සැඟව සිටි අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site