(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොහුවල ග්‍රීන්පාත්හි පිහිටි දෙමහල් පෞද්ගලික ආයතනයක තිබී ටී 56 ගිනි අවියට සමාන වායු රයිෆලයක්, ජංගම දුරකථනයක් සහ පරිගණක කොටස් රැසක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද(05) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ආයතනයේ කළමනාකරු සහ සේවකයෙකි.
මෙම ආයතනයේ මෘදුකාංග නිෂ්පාදනය කර ඇමරිකාවට අපනයනය කරන ආයතනයක් බවද, එහි හිමිකරු ඇමරිකාවේ පදිංචිව සිටින බව අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි.
කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප - එච්.එම්.ධර්මපාල
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වායු රයිෆලයක් - පරිගණක කොටස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට