සිතුම් චතුරංග
උතුරු පළාත තුළ ධනවත් ව්‍යාපාරිකයින්ගේ නිවාසවලට පැන මුදල් හා රන්භාණ්ඩ කොල්ල කෑ කණ්ඩායමක ප‍්‍රබල සාමාජිකයින් දෙදෙනකු කිලිනොච්චිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ එකහමාරකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ එකයි ග‍්‍රෑම් 590 සොයා ගත් බවද පොලිසිය පවසයි.
උතුරු පළාතේ කිලිනොච්චිය, මන්නාරම, යාපනය ප්‍රදේශවල රාත්‍රී කාලයේ ව්‍යාපාරිකයින්ගේ නිවාසවලට ඇතුළු වී නිවැසියන්ට පහරදී බියවද්දා මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවත් එම කොල්ලකෑම් සඳහා සැකකරුවන් දෙදෙනා හා තවත් පුද්ගලයන් සිව්දෙනකු ගෙන් යුත් කණ්ඩායමක් එක්වී ඇති බව පොලිසිය පවසයි.
කිලිනොච්චිය, වට්ටකච්චි, අක්කරායන් හා පුදුමුරිප්පු ප‍්‍රදේශයේ නිවාස කොල්ලකෑම් පිළිබඳ පසුගිය දෙසැම්බර් මාසයේ සිට කිලිනොච්චිය අපරාධ විමර්ශන අංශය වෙත ලැබුණ පැමිණිලි මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සොරකම් කළ භාණ්ඩ අතර රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් , රන්භාණ්ඩ සහ ස්මාට් වර්ගයේ ජංගම දුරකථන හයක් ද සොයා ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය හා මුලතිව් හි පදිංචි අවුරුදු 35ත් 39 අතර වයසේ පසුවන්නෝ වෙති.
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරිකයන්ගේ නිවාසවලට පැන මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට