දිපාල් ද සිල්වා
අපරාධ රැසකට සම්බන්ධ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කොස්ගොඩ තාරකගේ නම භාවිතා කරමින් දුරකතනයෙන් ව්‍යපාරිකයකුගෙන් රුපියල් 5000/- ක මුදල් ගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බලපිටිය ප්‍රදේශයේ ව්‍යපාරිකයකුට දුරකතනයෙන් අමතා තමා කොස්ගොඩ තරක බව පවසමින් රුපියල් ලක්ෂයක් තම නඩු කටයුතු වලට අවශ්‍ය වී තිබෙන බව පවසා මුදල් ලබා දෙන ලෙසටත් පොලිසීයට මේ බව දැනුම් නොදෙන ලෙසටත් කප්පම්කරු තර්ජනය කර තිබේ.
පසුව ව්‍යපාරිකයා සහ ඔහුගේ පවුලේ අය භිතියට පත්කර කියා ගත නොහැකිව රාත්‍රීය පහන් කර තිබේ. පසුව කප්පම්කරු දැනුම් දී ඇත්තේ මුදල් ලබා ගැනීමට නිවසට පුද්ගලයකු එවන බවයි.
මේ ගැන අම්බලන්ගොඩ පොලිසීයේ පොලිස් විශේෂ කාර්යංශයට දැනුම් දී ලද උපදෙස් මත ව්‍යපාරිකයා කටයුතු කර තිබේ.
කොස්ගොඩ තාරක නමින් පෙනී සිටින කප්පම්කරු මුදල් ලබා ගන්නා ආකාරය මාරුකර ඇමතුමක් ලබාදී ඇත්තේ බලපිටිය නගරයේ සතොස වෙළඳසැලේ සිටින සේවිකාවකට ලබාදෙන ලෙසටයි.
පොලිස් නිලධාරින් සතොස තුළ රැකවල්ලා සිටියදී ව්‍යපාරිකයා අදාළ මුදල සේවිකාවට බාරදෙන අවස්ථාවේ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
915
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
626
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ව්‍යාපාරිකයාගෙන් කප්පම් ගත් කාන්තාවක් අත්අඩංගුවට