( උපාලි ආනන්ද)
ජීව අත් බෝම්බයක් සහ පිස්තෝලයක් පෙන්වා වී මෝල් ව්‍යපාරියෙකු බිය ගන්වා රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුත් මුදල් සහ රන් භාන්ඩ කොල්ලකෑමේ සහ බලපත‍්‍ර සහිත ගිනි අවියක් පැහැර ගැනීමේ සිද්ධියක් සමිබන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටින තලාව ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණු හිටපු මන්ත‍්‍රිවරයෙකු සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු, ඇතුළු විත්තිකරුවන් තිදෙනෙතු මේ මස 29 වන දින දක්වා රිමාන්ඞ් කරන ලෙස උතුරු මැද පලාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කලේ තඹුත්තේගම රැජින හංදිය පදිංචිකරුවන් වන ආර් එම් අජන්ත කුමාර හෙවත් අජා අසංක දිල්හාර සහ ආර් ඒ ලලිත් යන විත්තිකරුවන් තිදෙනාය.
තලාව ආමනේ ප‍්‍රදේශයේ පිහිටි නිවසකට අයුතු ලෙස ඇතුළු වී ජීව අත් බෝම්බයක් සහ පිස්තෝලයක් පෙන්වා වී මෝල් ව්‍යාපාරිකයෙකු බිය ගන්වා රුපියල් ලක්ෂ දහයක වටිනාකමකින් යුත් මුදල් සහ රණ් භාණ්ඩ කොල්ලකෑ බවටත් බලපත‍්‍ර සහිත ගිනි අවියක් පැහැර ගත් බවටත් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිකරණ හමුවේ චෝදනා එල්ල වී තිබේ.
ඒ 2001 වසරේ අපේ‍්‍රල් මස 09 වන දින හෝ ඊට ආසන්න දිනයකදීය මෙම නඩුවේ පළමු විත්තිකාර අජන්ත කුමාර හෙවත් අජා නැමැත්තා මෙම අපරාධය සිදු වන අවස්ථාවේ සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අතර ඔහු මේ වන විට තලාව ප‍්‍රාදේශීය සභාවේ ශි‍්‍ර‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රිවරයෙකු ලෙස සේවය කරමින් සිටියි.
මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී පැවැති අතර නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට අධිචෝදනා බාරදීමෙන් පසුව එය වැඩිදුර විභාගය සදහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණි.
2025 නොවැම්බර් මස 21
29
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
143
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
991
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ව්‍යාපාරිකයකු බිය ගන්වා රන්භාණ්ඩ-මුදල් කොල්ලකෑ හිටපු මන්ත්‍රී 29 දක්වා රිමාන්ඩ්