(නිශාන්ත කුමාර)
මිතුරන් පිරිසක් සමග මහවැලි වියානා ඇළේ දිය නාමින් සිටියදී අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර ඔවුන් දිය නෑ ස්ථානයට කිලෝමීටර් කිහිපයක් පහළින් පිහිටි දියබානා වැවේ පාවෙමින් තිබියදී අද (05) ගොඩගත් බව මහියංගන පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ මහියංගන ගැමුණුපුර ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවය කරන හම්බන්තොට රුහුණුගිරිය ගම් ප්‍රදේශයේ පදිංචි කේ. වික්‍රමතිලක නැමැති 26 හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා ඊයේ (04) සවස 5.00 ට පමණ මිතුරන් පිරිසක් සමග වියානා ඇළේ දියනාමින් සිට ඇති අතර ඔහු හිටිහැටියේම අතුරුදහන්වූ බවට ඔහුගේ මිතුරන් පොලීසියට පැමිණිලි කර තිබිණි.
මහියංගන පොලීසිය කළ සොයා බැලීමකදී ඔහුගේ සිරුර අද (05) හමුවී ඇත.
මහියංගන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd