උපාලි රණවීර
පුගොඩ කුමාරිමුල්ල ගම්මානයේ සිදුකළ පැය 8 ක විශේෂ සෝදිසි මෙහෙයුමක දී තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු බව කියන පුද්ගල හැඳුනුම්පත් දෙකක් හා කෙටේරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිස් නිල සුනඛයකු යොදා ගනිමින් මෙම සෝදිසි මෙහෙයුම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි වියේ පසුවන බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු තව්හීත් ජමාත් සංවිධානය සමඟ සබඳතා පවත්වා ඇද්දැයි සොයා වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පූගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd