(ඩී.කේ.රත්න)
විදේශ රටකින් ආනයනය කරන ලද ව්‍යාජ සිගරට් 120 ක් සමඟ පුද්ගලයෙකු ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේදී අද (14) අත්අඩංගුවට ගෙන ඇතයි ඇල්ල පොලිසිය පවසයි.
ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයෙකු මෙම සිගරට් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා මෙම සිගරට් උමාඔය ව්‍යාපෘතියේ සේවය කරන ඉරාන ජාතිකයන්ට අලවි කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.