(විජේරත්න රත්නායක )
නීතිවිරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන ආ ප්‍රසිද්ධ වෙළඳ නාමයකින් යුතු ව්‍යාජ සිගරට් 129 ක් අලෙවිය සඳහා ළඟ තබාගත් බවට අධිකරණය ඉදිරියේ වරදකරු වූ අයෙකුට මහියංගන මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් නියම කළේය.
මෙසේ දඩ නියම කෙරුණේ මහියංගනය නගරයේ වෙළඳසැල් හිමියෙකු වූ මහියංගන සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හටය.
මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මහියංගන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර තිබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.