ජුඩ් සමන්ත
ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 1000 ක මුදල් නෝට්ටු 02 ක් සමඟ භික්ෂූන් වහන්සේ නමක් අද (20) අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි.
බුලත්පිටිය ප්‍රදේශයේ රාජමහා විහාරයක වාසය කර ඇතැයි කියන සැකකාර භික්ෂූන් වහන්සේ පසුව නවගත්තේගම - මහමැද්දෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කර ඇත.
එම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ගිලන් වී හලාවත මහා රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින අතර උන්වහන්සේගේ සැප දුක් විමසීම සඳහා පැමිණ ඇති සැකකාර භික්ෂූන් වහන්සේ හලාවත මහා රෝහල ඉදිරිපිට ඇති ව්‍යාපාරික ස්ථාන කීපයකින් රුපියල් 1000 මුදල් නෝට්ටු දී විවිධ ද්‍රව්‍ය මිළදී ගැනීමට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේදී ව්‍යාපාරයෙකු විසින් හලාවත පොලීසියට ලබා දී තිබූ තොරතුක් අනුව වැටලීම සිදු කර ඇත.සැකකාර භික්ෂූන් වහන්සේ සතුව තිබී එකම අංකයෙන් යුක්ත රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 02 ක් පොලිස් බාරයට ගෙන ඇත
එම භික්ෂූන් වහන්සේ පැමිණි බව කියන ත්‍රී රෝද රථයේ රියදුරා ත්‍රී රෝද රථය අතහැර දමා පලා ගොස් ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද දන්නේ ව්‍යාජ මුදල් නෝට්ටු මේ භික්ෂූන් වහන්සේට තව කෙනෙක් දුන්නද කියා. ඇයි එම භික්ෂූන් වහන්සේ පැමිණි බව කියන ත්‍රී රෝද රථයේ රියදුරා පලා ගියේ? මා සිතන්නේ භික්ෂූන් වහන්සේ නම අත්අඩංගුවට ගැනීම වැරදි කියයි.
ශාසනය පිරිහෙනවා කියන්නේ මේකටද?